ත්‍රිපිටක සූත්‍රය
මහාසාරෝපම සුත්තං
බුද්ධ පරිනිර්වාණයෙන් බොහෝ කලකට පසුවද හෙළදිව අරහතුන් වහන්සේලාගේ ස්පර්ශයෙන් නොඅඩුව පැවතියද නිවන් අවබෝධ කරගැනීමට උපනිශ්‍රය වන පරම පවිත්‍ර සිරි සද්ධර්මය මේතාක් කාලයක් වැසී ගොස් තිබුනද අද වනවිට නැවතත් ඒ උතුම් ධර්මය මතුවී තිබීම සියලු ලෝ වැසියකුටම මහත් අස්වැසිල්ලට කාරනයක් වනු ඇත.
පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර බුද්ධ පුත්‍රයන් වහන්සේ විසින් අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන ඇසුරෙන් දේශනාකරන ලද, එම උතුම් ත්‍රිපිටක ගත සිරි සද්ධර්ම දේශනා සහ උන්වහන්සේ විසින් ලියා පලකරන ලද දහම්පොත් පත් මෙම වෙබ් අඩවිය තුලින් පරිශීලනය කිරීමේ අවස්ථාව සකල ලෝවැසියන් හට කරුණාවෙන් මුදාහරිනු ලැබේ.
මිනිසෙකුට උපතින්ම ලැබුණු විමර්ශන ඥාණයම මතුකරගන්නට, දියුණු කරගන්නට මග කියාදී සිතීමේ හැකියාව, විපස්සනා නුවණ අනුපස්සනා ඥාණය ඉස්මතු කරගන්නටම මග පෙන්වාදීම බුද්ධ ධර්මයේ ඉගැන්වූ නිවන් මාර්ගයයි. කෙලෙස් ක්‍රියාත්මක වන්නේ තම තමන්ගේම චිත්ත සංතානයේ මිස බාහිර ලෝකයක නොවේ. කිලිටි වූ තමන්ගේම චිත්ත සංතානය පිරිසිඳු කරගත් පමනටම නිවනද නිදහසද තමන්ටම උරුම වෙනු ඇතිබව මෙහි පෙන්වා වදාල පරම සත්‍යයි.
මේ කිසිදු පොතක් අවසරයකින් තොරව මුද්‍රණය කිරීම හා අවසරයක් ඇතුව හෝ නැතිව මුදලට විකිනීම නොකළ යුතුය. මෙම ධර්ම දේශනා, පොත් පත් සංස්කරණය කිරීම නොකල යුතුය. මෙම සිරි සද්ධර්මය ඔබේ පරිගණකයෙන් වෙනත් පරිගණකයකට හෝ වෙනත් වෙබ් අඩවියකට මේ ලෙසම ඇතුලත් කිරීම සඳහා කිසිදු බාධකයක් නැත.
නිවන් දොරටුව නැවත විවර වී ඇත.
මග ඉතා පැහැදිලිව ලෝකයා වෙත දේශනා කර අවසන්.
ඉතා දුර්ලභ මෙම අවස්ථාව උපරිම ප්‍රයෝජනයට ගෙන, සියලු සත්වයෝ උතුම් නිවනින් සදා සැනසීම ලබත්වා...!
~ සීහ නාදය ~
අති පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් දේශනා කරන ලද ත්‍රිපිටක සූත්‍ර දේශනා එකතුවෙන් කිහිපයක්.
ත්‍රිපිටක සූත්‍රය
මහාසාරෝපම සුත්තං
ත්‍රිපිටක සූත්‍රය
චූළහත්ථිපදොපම සුත්තං
ත්‍රිපිටක සූත්‍රය
ධ්‍යානනිස්සය සුත්තං
ත්‍රිපිටක සූත්‍රය
ගිලානසුත්තං
අති පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ගේ ප්‍රධාන දහම් පොත් පත් — නොමිලේ බාගත කර කියවන්න.

නිවන් දැකීමට උපකාරී වන්නේ පරම පවිත්‍ර සිරි සද්ධර්මයයි
PDF බාගත කරන්න →

බුදුන් උපන් දඹදිව හෙළයා හඳුනාගත යුත්තේ ඇයි?
PDF බාගත කරන්න →

විමුක්ති මාර්ගය පෙන්වා වදාළ උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද?
PDF බාගත කරන්න →

චතුරා රක්ඛා ප්‍රතිපදාව හෙවත් සතර ආරක්ෂක කමටහන්
PDF බාගත කරන්න →